Post

සිත නිවන කතා?!

Immagine
පසුගිය අගහරුවාදා පැවති නිදහස් කුසලාන පලමු තරගයෙන් පහසු ජයක් අත්කරගන්නට  ශ්‍රී ලංකාවට හැකි වුනා. එයින් ඉන්දියානු ප්‍රේක්ශකයෝ මහත් කනස්සල්ලකට පත්වී තිබෙනවා. ඔවුන් පවසන්නේ ඒ ඔවුන්ගේ C කණ්ඩායම බවත් එම නිසා ජයග්‍රහනය කිරීම ඉතා පහසු බවත් ය. නමුත් C කණ්ඩායමකට රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, සුරේශ් රයිනා, දිනේශ් කාර්තික් වැනි ජේෂ්ඨ ක්‍රීඩකයින් ක්‍රීඩාකරනවාද යන්න අපට පැන නැගෙන ගැටලුවකි. කෙසේවෙතත් අපට මෙය හැගෙන්නේ තමන්ගේ දුර්වලතා වසාගැනීමට ඔවුන් ගොතන ලද සිත නිවන කතාවක් ලෙසය.

නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ.

Immagine
මාර්තු 6 වෙනිදායින් ඇරඹෙන නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය සදහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව, 1. Dinesh Chandimal – Captain 2. Upul Tharanga 3. Danushka Gunathilaka 4. Kusal Mendis 5. Dasun Shanaka 6. Kusal Janith Perera 7. Thisara Perera 8. Jeewan Mendis 9. Suranga Lakmal – Vice Captain 10. Isuru Udana 11. Akila Dananjaya 12. Amila Aponso 13. Nuwan Pradeep 14. Dushmantha Chameera 15. Dananjaya De Silva මැතිව්ස් නැවතත් ආබාධයකට ලක්වී ඇති නිසා කණ්ඩායමේ වගකීම සුපුරුදු ලෙස චන්දිමාල් අතට පත්ව ඇත. ඔහු මෙම තරඟාවලියෙත් දක්ශතා දැක්වුවහොත් ඔහු 2019 ලෝක කුසලානය දක්වා නිත්‍ය නායකයා ලෙස පත් කිරීමට  බලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි සිතමු. ශෙහාන් මදුශංකද ආබාධයකට ලක්වූ නිසා ඔහු වෙනුවට ලසිත් මාලිංග කණ්ඩායමට කැදවයි කියා සිතුවද, සුරංග ලක්මාල් නැවතත් කණ්ඩායමට කැදවා ඇත.

නිදහස් කුසලාන තරඟ කාලසටහන (Nidahas trophy Timetable)

Immagine
Match 1 - 06 th March, 2018 SL vs India RPICS, Colombo Match 2 - 08 th March, 2018 Bangladesh vs India RPICS, Colombo Match 3- 10 th March, 2018 Sri Lanka vs Bangladesh RPICS,  Colombo Match 4 -  12 th March, 2018 India vs Sri Lanka RPICS, Colombo Match 5 -  14 th March, 2018 India vs Bangladesh RPICS, Colombo Match 6 -  16 th March, 2018 Bangladesh vs Sri Lanka RPICS, Colombo Match 7 -  18 th March, 2018 Final RPICS, Colombo

ආබාධයෙන් පස්සේ නැවතත් මැතිව්ස් සුපුරුදු දක්ෂතා අතරට එයිද...?

Immagine
මැතිව්ස් කියන්නෙ කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක්. ඒ වගේම ජේශ්ඨතම ක්‍රීඩකයෙක්. ඔහු ගැන විවිද කතා පසුගිය දවස් වල අහන්නට ලැබුනා. ඒ, ඔහු තරඟ පාව දුන්නා යැයි චෝදනා සහ නවක ක්‍රීඩකයින්ට කැපිල්ල දමනවා යැයි යන චෝදනා යි. නමුත් ඇත්තටම සිද්දවෙන්නෙ මොකක්ද කියලා හරි හටි නොදැන චෝදනා කිරීම වැරදියි. පහුගිය බංගලදේශ ශ්‍රී ලංකා සිම්බාබ්වේ තුන් කොන් තරඟාවලියේදී ඔහු ආබාධයකට පත් වුනා. ඒ නිසා ඔහුට ටෙස්ට් තරඟ දෙක සහ විස්සයි විස්ස තරඟ දෙක අහිමි වුනා. නමුත් එලබෙන නිදහස් කුසලාන තුන් කොන් තරඟාවලියේදී නැවත ඔහු තම කණ්ඩායම මෙහෙයවන්න සූදානම් බවයි අරංචි වෙන්නේ. බංගලාදේශ සංචාරයේ ටෙස්ට් තරඟ දෙක සහ විස්සයි විස්ස තරඟ දෙකේදී කණ්ඩායම මෙහෙයුවේ චන්දිමාල්. ඔහු දක්ශතා අතරට පැමිනීම නිසා මැතිව්ස්ට නායකත්වය අහිමි වෙයිද...? ඔහු දිගින් දිගටම ආබාධයට ලක් වෙයිද...? චන්දිමාල් නිත්‍යය නායකයා වෙයිද...? තවම හරි හැටි තොරතුරක් ලැබී නැතත් චන්දිමාල් නිත්‍ය නායකයා බවට පත් වේවි සහ මැතිව්ස් කණ්ඩායමේ ජේශ්ඨතම ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරයි කියලා අපට  විශ්වාසයක් තියනවා.
Immagine
නිදහස් කුසලානය (Nidahas Trophy) මාර්තු 6 වෙනිදා පටන් ගන්න මේ තරගාවලියට ඉන්දියාව, බංගලාදේශය සහ සත්කාරක ශ්‍රීලංකාව සහභාගී වෙනවා. කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තමයි මේ තරගාවලිය තියෙන්නෙ. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා  කලොත් තරගාවලියට සහභාගී වන නිල කණ්ඩායම සදහන් කරලා නෑ. නමුත්, පහුගිය තරග වලදී දස්කම් අතරට පැමිනි නවක ක්‍රීඩක ශෙහාන් මදුශංක(20) පාදයේ ආබාධයක් නිසා කණ්ඩායමෙන් පිටත සිටින බවයි අරංචි වෙන්නෙ. ඒ අඩුව පුරවන්න අත්දැකීම් බහුල විස්සයි විස්ස විශේෂඥ ලසිත් මාලිංග(99) කණ්ඩායමට කැදවනු ලබන බව විශ්වාස කරනවා. අබාධයකට පත්ව සිටි ඈන්ජලෝ මැතිව්ස්(69) නැවත කණ්ඩායමේ වගකීම බාරගන්න බවයි අරංචිය.